soyuru.lk first article

About

විශ්ව ගම්මානයක ජීවත් වෙන මිනිස්සු විදිහට ලෝකයේ සිදුවන හැම දෙයක්ම හරි ඉක්මනින් දැන් අපේ අත ළඟටම එනවා. නමුත් ඒ දේවල් හැම කෙනෙක්ගෙම ජීවිතවලට අදාළ වෙන්නෙ නම් නෑ. ඒ ඒ වයසට, ඒ ඒ තරාතිරමට, ඒ ඒ මනසට ගැළපෙන දේවල් වගේම නොගැළපෙන දේවලුත් ඒ අතර තියෙනවා. නමුත් ඒවායින් ගත යුතු දේ බැහැර කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් නුවණක් අද කාලේ බොහෝ දෙනෙකුට තිබේද?  ඒ නිසයි අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනාගේ ජීවිත විනාශයට පත් වෙන්නේ.

ලෝකය නන් දෙසින් ගලා එන තොරතුරු, නිවැරදිව තෝරගෙන , ඒවයින් කියැවෙන දේවල් මැනවින් විස්තර කර දී, දැනුම වගේම අපේ ජීවිතවලට වටිනා අවවාද ලබාදෙන සෙනෙහෙබර සහෝදරත්වයයි Soyuru.lk